AVR සයිප්‍රස් සමඟ එක්ව කටයුතු කරන, දේශීය සාමාජික ආයතනය, ඔබගේ නැවත ප්‍රතිසංකලනය වීමේ කියාවලිය තුලදී ඇතිවන එදිනෙදා අපහසුතා වෙනුවෙන් උදව් වීමට ඔබ හා එක්ව කටයුතු කරයි.

නොමිලේ රහස්‍ය උපදෙස් සඳහා අපව අමතන්න: 22-024545 / 22-660081

 

අදියර 1- MICAR ආයතනය සමඟ සම්බන්ධ වීම

දුරකථනයෙන් හෝ, විද්‍යුත් තැපෑල හෝ පුද්ගලික හමුවීමක් යොදාගෙන හෝ අප හා සම්බන්ධ වන්න.අප ඔබට අවශ්‍ය සහ සුදුසු සියලුම තොරතුරු සපයා දෙන අතර ඔබට ඇති ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරුද ලබා දෙන්නෙමු.

අදියර 2- ස්වෙච්චාවෙන් ආපසු යාම සඳහා ලියාපදිංචි වීම

ඔබ සහයෝගය සහිතව ආපසු යෑමට තීරණය කළහොත්, එහිදී ඔබට යම් යම් ආකෘති පත්‍ර වලට අත්සන් තැබීමට සිදු වේ.

අදියර 3 - ගමන් ලියකියවිලි සහ සූදානම් කිරීම

සියලුම අවශ්‍ය ලියකියවිලි (උදා: ගමන් ලියකියවිලි) එකතු කර ගැනීම සඳහා MICAR ඔබට උදව් කරන අතර, ඔබට මුළු ක්‍රියාවලිය තුලදීම සහයෝගය ලබා දේ.ඔබට සහ ඔබගේ පවුලේ අයට ගමන් සුදානම කිරීම, ඒ වාගේම ඔබගේ පුද්ගලික බදු බාහිර ආදිය නැව් ගත කිරීම් සඳහා කටයුතුද සූදානම් කර දිය හැක.

අදියර 4 - පිටත්වීම

ඔබගේ ආරක්ෂිත ගුවන් ගමන වෙනුවෙන් MICAR නිලධාරියකු ගුවන් තොටුපල තෙක් ඔබත් සමඟ සිටී. ඔබගේ සියලුම ගමන් ලියකියවිලි ඔබට ගුවන් තොටුපල තුලදී ලබා දේ.

අදියර 5 - ප්‍රතිසංකලනය

මව් රටට තිරසාර ආපසු යෑම සහ ආරක්‍ෂිත ප්‍රතිසංකලනය අරමුණු කර ගෙන එම රට තුලදීද සහයෝගය ලබා දේ. අදාළ සේවයන්හි නිලධාරීන් ඔබට අවශ්‍ය සියලුම දේ ලබා දෙන අතර ඔබගේ ප්‍රජාව සමඟ හැකිතාක් සුමට ලෙස එක්වීමට අවශ්‍ය සියලුම ක්‍රියාදාමයන් තුල සහයෝගය ලබා දේ.