හවුල්කරුවන්

 CARDET

තාක්ෂණික අධ්‍යාපනය පිළිබඳ පර්යේෂණය කිරීම සහ වැඩිදියුණු කිරීම පිළිබඳ අභිවර්ධන මධ්‍යස්ථානය (CARDET), ස්වාධීන, ලාභ නොලබන, රාජ්‍ය නොවන, පර්යේෂණාත්මක සහ සංවර්ධනය, සයිප්‍රස් පදනම් කරගත් ලොව පුරා හවුකරුවන් ඇති ආයතනයකි. එයට මේ වන විට නිම වූ ව්‍යාපෘතීන් 100 අධික ප්‍රමාණයක කළඹක් ඇති අතර, එයින් බොහොමයක් විගමන සහ ප්‍රතිසංකලනයට අදාළ ඒවා වේ. මෙම ආයතනය පහත සඳහන් රටවල් සඳහා ආපසු යාමේ ක්‍රියාවලිය සම්බන්ධව තොරතුරු සැපයීම සංවර්ධනය කර ඇත: ශ්‍රී ලංකාව, බංගලාදේශය, සිරියාව,ඉන්දියාව, පකිස්ථානය, පිලිපීනය, චීනය, යෝර්ගියාව සහ තුර්කිය.
 
හවුල්කරු වෙබ් අඩවිය: www.cardet.org

CARITAS INTERNATIONAL BELGIUM

බෙල්ජියම් ජාත්‍යන්තර කරිටෙස් (CIB) රාජ්‍ය නොවන ආයතනයක් (NGO) සහ බෙල්ජියන් සබැඳියක් සහිත ලොව පුරා පිහිටි කතෝලික ආයතන 163ක ජාලයක් සහිත රටවල්/කලාප 200 ක්‍රියාකාරී ආයතනයකි. ජාත්‍යන්තර කරිටෙස් ආයතනය යුද්ධයෙන් සහ ස්වභාවික හානි නිසා, රටෙන් පැන යෑම නිසා සිය රටෙහි දිළිදු බව නිසා විපතට පත් වූවන් හට, උදව් කරනු ලැබේ.කරිටෙස් විදෙස් රටවල් වල හදිසි සහන සහ ප්‍රතිසංස්කරන කටයුතු වෙනුවෙන් ක්‍රියාකාරී වන අතර සංවර්ධන ව්‍යපෘති සම්බන්ධවද ක්‍රියාකාරී වේ. බෙල්ජියම් කරිටෙස් සරණාගතයන් හට, තනි වූ බාල වයස් කරුවනගේ භාරකරුවන් ලෙස, නීත්‍යානුකූල සහ අක්‍රමවත් සංක්‍රමණිකයන් හට පළමු පෙළ සමාජ සහයෝගය ලබා දීමට , ස්වේච්චාවෙන් ආපසු යාමට සහ තම රටෙහි ප්‍රතිසන්කලනය වීමට, සහයෝගය ලබා දීමට සුළු පරිමාණයෙන් ක්‍රියාකාරී වේ. CIB 1932 ආරම්භ කර ඇත්තේ කතෝලිකයන්ගේ සෞඛ්‍ය තත්ත්වය සහ දුප්පතුන් සඳහා වැඩසටහන් මධ්‍යගත කිරීම සඳහාය: 1949 දී කරිටෙස් බෙල්ජියමෙහි සංක්‍රමණිකයන් හට සහයෝගය දීමට ආරම්භ කළේය. ඒත් සමගම මෙම ආයතනය හදිසි අවස්ථාවන්වලදී ජාත්‍යන්තර සහයෝගය සැපයීමට පටන් ගැනුණි. ඒ හා සමානවම CIB සුළු ව්‍යපෘති සඳහා සහයෝගය දුන් අතර ආහාර සුරක්ෂිත තාවය පිළිබඳව ව්‍යුහාත්මක වැඩසටහන් වැඩි දියුණු කර ගැනීමටද සහයෝගය ලබා දේ විශේෂයෙන් අප්‍රිකාවෙහි ග්‍රේට් ලේක්ස් කලාපය තුල.
 
හවුල්කරු වෙබ් අඩවිය: www.caritas.org

University of Nicosia

නිකෝසියා විශ්ව විද්‍යාලය (UNic) සිසුන් 9500 පමණ සමන්විත සයිප්‍රස් තුල විශාලතම පුද්ගලික විශ්ව විද්‍යාලය වේ. එය ස්වාධීන, සම අධ්‍යාපනික, උසස් අධ්‍යාපනයෙහි සමාන අවස්ථා ලබා දෙන, ලොව පුරා සිටින සිසුන් වෙනුවෙන් ඉතා පුළුල් වැඩසටහන් ලබා දෙන ආයතනයකි. විශ්ව විද්‍යාලය මගින් ව්‍යාපාරික, විද්‍යා, අධ්‍යාපනික සහ කලා යන අංශ වලින් උපාධි අපේක්ෂක සහ උපාධිධාරී අධ්‍යාපනය ලබා දෙනු ලැබේ. දර්ශනයෙන් ජාත්‍යන්තර වන අතර , මිත්‍රත්වය, සහයෝගීතාවය සහ අවබෝධය ප්‍රවර්ධනය කරමින්, මෙම විශ්ව විද්‍යාලය ලොව නන් දෙසින් පැමිණෙන සිසුන් හට ඔහුගේ සත් මෙහෙවර කරනු ලැබේ. දිගින් දිගටම වැඩි දියුණු වන අධ්‍යාපනික පරිසරයක් තුල විශ්ව විද්‍යාලය අපේක්ෂා කරන්නේ පරීක්ෂණ හා උසස් ඉගැන්වීම් ප්‍රමිතීන් යටතේ අධ්‍යාපනයෙහි විශිෂ්ඨත්වය වේ. විශ්ව විද්‍යාලයෙහි ගවේෂණ පැතිකඩ පදනම් වී ඇත්තේ ඉතා පුළුල් විෂයයන් පරාසයක් තුල ඉතා පුළුල් ලෙසය. ඒ සඳහා සහයෝගය ලබා දෙන්නේ යම් යම් කණ්ඩායම්, වැඩසටහන්, කැප වූ ගවේෂණ ආයතන, සහ අප පාසැල තුල හා ඒ අවට ශිෂත්වලාභීන්ය.

ගවේෂණ සහ නව නිපැයුම් සඳහා ක්‍රියාශීලී සහ ප්‍රයෝගික උපාය මාර්ග යොදා ගනිමින් විශ්ව විද්‍යාලය බලාපොරොත්තු වන්නේ එහි සෑම පාර්ශවයක් වෙතම ළඟා වෙමින් ඔවුන් සමඟ ක්‍රියා කරමින්,අධ්‍යයන හා ව්‍යවහාරික පර්යේෂණ අදහස් වැඩි දියුණු කිරීමට සයිප්‍රස් ප්‍රජාවට, රටට සහ කලාපයට යහපත් වන අයුරින්. මෙම පරාමිතීන් තුල සහ ගවේෂණ සම්බන්ධව ප්‍රයෝගික චරිතයක් බවට පත් වීම තුලින් විශ්ව විද්‍යාලය සහ එහි ගවේෂකයන් යුරෝපීය සහ ජාතික මට්ටමේ ව්‍යපෘති වලට සම්බන්ධ වේ.විශේෂයෙන් විශ්ව විද්‍යාලය මද්‍යධරනී කලාපයේ අන්තර්ජාතික ජාලය තුල නිෂ්ප්‍රභා වුනු අයදුම්පත් හිමි තුන්වන ලෝකයේ රටවල් වල ජනතාවට ස්වේච්චාවෙන් සිය රටට යෑම (VRENET) හා සම්බන්ධ ක්‍රියාවලිය කලමනාකරණය කරන අතර දේශපාලන රැකවරණ පතන අය හට සහ ජාත්‍යන්තර ආරක්ෂාවේ ප්‍රතිලාභියන් හට උදව් කිරීමට ජංගම සේවයක්ද සපයනු ලැබේ.(Info – Bus)

 
හවුල්කරු වෙබ් අඩවිය: www.unic.ac.cy